පැරණි මතකය

Saturday, March 15, 2008


කළුවරේ ඇයි අම්මා

වත පිරි නැති සිත පිරී නැති කුස පිරී නැති අම්මා
දුක දරා ඇති ලය සෙනේ පිරි දරැවො යදිනා අම්මා
ලොවම ඔච්චම් කර පිදුම් ලන ලොවම රකිනා අම්මා
ලෙයම කිරිකර පිදූවත් අද කළුවරේ ඇයි අම්මා

ජීවිතේ හැටි කියා දෙන්නට ළග හිටිය අම්මා
මහා කන්දක් පැතුම් පුරවා ජීළවිතය පිදු අම්මා
වැහැරෙනා විට ඉවත හරිනා ආදරේ නම අම්මා
මහා මග අද සිහින පොදිබැද සතුට ඇහිදින අම්මා

කාත් කව්රැත් නොමැති ලොවකට ඇද දමා ඇති අම්මා
ශාප නොකරන, වෛරයේ ඇස් ආදරෙන් දුටු අම්මා
ලොවම හදුනන ලාව නොහදුනන ලොව සැදූ ඒ අම්මා
ඇගේ අමිහිරි දරැවනට අවසන් සුසුම දෙන අම්මා

රුවන් පෙරේරා.

About Me

meepura is a city bace news paper. and we give publicity your busness or copmany. visit - www.meepura.com